පළමු පරම්පරාව (1 st Generation - 1940:1956)

පළමු පරම්පරාවට අයත් පරිගණක නිර්මාණය කරනු ලැබුවේ රික්ත නල (Vacuum tube) තාක්ෂණය භාවිතා කරය. පරිගණකයේ මතකය මෙහි චුම්බක බෙර (magnetic drum) භාවිතා කරන ලදී. මෙම පරිගණක අති විශාල විය,මුලුමනින් කාමරවල ඉඩ අසුරුවාලිය. ඒවා ක්‍රියාත්මක කිරිම බෙහෙවින් මිළ අධික විය. විදුලිය වැඩි ප්‍රමාණයක් පාවිච්චියට අමතරව තාපය අධික ලෙස ජනනය විය. එම නිසා බෙහෙවින්ම දෝ‍ෂ සහිත විය. කාර්යයන් කරවා ගැනිම සදහා පරිගණකය ක්‍රමලේඛන කිරිමට ද්විමය (1,0) machine language ක්‍රමය භාවිතා කරන ලදි. ඒවාට වරකට විසදිය හැකිවුයේ එක් ගැටලුවක් පමණි. එයට දත්ත ඇතුලත් කිරිමට සිදුරු කල කාඩ්පත් (punched cards) හා කඩදාසි පටි (paper tape) යන ක්‍රම යොදා ගත් අතර පරිගණකය මගින් ලබා දෙන ප්‍රතිඵලය මුද්‍රිතයක් (printout) ලෙස ලබා දෙන ලදී. පළමු පරම්පරාවේ පරිගණක සදහා උදාහරණ ලෙස UNIVAC සහ ENIAC සදහන්ය.