පරිගණකය

පරිගනකය යනු මිනිසා විසින් ඇතුලත් කරන ලද දත්ත, මිනිසා විසින් ලබා දෙන විධාන උපදෙස් වලට අනුව කිසියම් සැකසිමකට ලක් කල හැකි, අවශ්‍ය වු විට ඒවා නැවත ලබා ගත හැකි, ඒවා මතකය තුල තැන්පත් කර ගත හැකි එමෙන්ම මිනිසාට අවශ්‍ය පරිදි ක්‍රමලේඛනය (Programming) කර ගත හැකි ඉලෙක්ට්‍රොනික් උපකරණයකි.

පරිගණකය සදහා භාවිතා කරන ලද පැරණිතම මෙවලම ලෙස සලකන්නේ ඇබකසයයි. 1837 දී පූර්ණ ලෙස ක්‍රමලේඛගත කළ හැකි යාන්ත්‍රික පරිගකයක් සංකල්පනය කිරිමට හා සැලසුම් කිරිමට චාල්ස් බැබේජ්ට (Charles Babbage) හැකිවිය. ඔහු එය විශ්ලේෂණික එන්ජිම (Analytical Engine) ලෙස හැදින්විය. නුතන පරිගණකය බිහි වීම සදහා එය සුවිශේෂ සන්ධිස්ථානයක් විය. ඒ හේතුවෙන් ඔහු නුතන පරිගණකයේ පියා ලෙස හදුන්වයි.  

Charles Babbage



Analytical Engine
පූර්ණ ඉලෙක්ටොනික් පරිගණකය පළමු වරට හදුන්වා දෙනු ලැබුවේ 1940 දශකයේ දී ය. විශාල යන්ත්‍ර  වු එම පරිගණක ක්‍රියාත්මක කිරිම සදහා පුද්ගලයින් සමුහයක අවශ්‍ය විය. පරිගණකයේ විකාශනය පරම්පරා 05 ක් යටතේ වර්ග කර තිබේ. එක් පරම්පරාවක සිට තවත් පරම්පරාවකට යෑමේදි පරිගණකයේ විද්‍යුත් පරිපථ පද්ධතිය කලින්ට වඩා කුඩා වෙම්න් පෙරට වඩා වැඩිදියුණු විය. ඒ සමග ම පරිගණකයේ කාර්ය කර දිමේ වේගය, මතකය ප්‍රමාණය,දත්ත ගබඩා කර ගත හැකි ප්‍රමාණය ආදිය වැඩි විය.